Sunday, February 25, 2018

Simple commands -(සිම්පල් කමාන්ඩ්ස්) සරල විධාන - Lesson 02





commands are very easy to use. Begin the sentence with a verb and end with an object, a person or a thing.
විධාන බාවිතා කිරීමට හරිම පහසුයි. වාක්‍ය ක්‍රියාවෙන් පටන් ගෙන කර්මයෙන් අවසන් කරන්න , පුද්ගලයෙක් හෝ දෙයක්.

Tell someone to do something: කෙනෙක් ට යම් දෙයක් කරන්න කියන්න.

answer the phone* Answer the phone, please.   
driving * Drive to the post office.

Tell someone not to do something:කෙනෙක්ට යම් දෙයක් කරන්න එපා කියල පවසන්න.


* Don't do that.  ඒක කරන්න එපා.
* Don't hit him. ඔහුට ගහන්න එපා.
* Don't drive a car without a seat belt. ආසන පටි නැතුව චාර එක එලවන්න එපා.

පහත විධාන පින්තුර අනුසාරයෙන් අද්‍යනය කරන්න 


         නැගිටින්න.
       ඔබගේ පොත ගන්න.
   ජනේලය විවෘත කරන්න.
         ඇතුලට එන්න.

        බෝඩ් එක පිසින්න.

                නවතින්න 

   දොර විවෘත කරන්න 








මම පහතින් දීලා තියෙනවා තවත් උදාහරණ . මේවා පාඩම් කරගතහොත් ඔබට ප්‍රයෝජනවත් වෙයි.
  1.  Do this - ඩු දිස් - මේක කරන්න
  2. Come here - කම් හියර් - මෙහෙට එන්න
  3. Eat rice - ඊට් රයිස් - බත් කන්න
  4. Read paper - රීඩ් පේපර් - පත්තරේ කියවන්න
  5. Drink tea - ඩ්‍රීන්ක් ටී - තේ බොන්න
  6. Stop here - ස්ටොප් හියර් - මෙතන නවතින්න
  7. Stop that - ස්ටොප් දැට් - ඒක නවත්තන්න
  8. Walk daily - වෝක් ඩේලි - දිනපතා ඇවිදින්න
  9. Kiss me - කිස් මී - මාව සිපගන්න
  10. Look around - ලුක් අරවුන්ඩ් - වටපිට බලන්න
  11. Look at me - ලුක් ඇට් මී - මා දිහා බලන්න
  12. Look ahead - ලුක් අහිඩ් - ඉස්සරහා බලන්න
  13. Listen this - ලිස්න් දිස් - මේ අහන්න
  14. Close the door - ක්ලෝස් ද ඩෝ - දොර වසන්න
  15. Open the door - ඕපන් ද ඩෝ - දොර අරින්න
  16. Send it - සෙන්ඩ් ඉට් - ඒක එවන්න
  17. Drive slowly - ඩ්‍රයිව් ස්ලෝලි - හිමින් එලවන්න
  18. Sleep now - ස්ලීප් නව් - දැන් නිදන්න
  19. Draw a picture - ඩ්‍රෝ අ පික්චර් -
  20. Sing a song - සින්ග් අ සෝන්ග් - සිංදුවක් කියන්න
  21. Hands up - හෑන්ඩ්ස් අප් - අත් ඔසවන්න
  22. Buy this - බයි දිස් - මේක මිලට ගන්න
  23. Call me - කොල් මී - මට කෝල් කරන්න
  24. Push the door - පුෂ් ද ඩෝ - දොර තල්ලු කරන්න
  25. Pull the door - පූල් ද ඩෝ - දොර අදින්න
  26. Stir well - ස්ට වෙල් - හොදට හැදිගාන්න
  27. Smile a while - ස්මයිල් අ වයිල් - ටිකක් හිනාවෙන්න
  28. Put here - පුට් හියර් - මෙතන දාන්න
  29. Comb your hair - ඔබගේ හිස පීරා ගන්න.
  30. sign here  - මෙතන අත්සන් කරන්න.
  31. Be silent   - නිශ්ශබ්ද වන්න.
  32. Get up    - නැගිටින්න .
  33. Get out   - එලියට යන්න.
  34. try again - නැවත උත්සහ කරන්න.
  35. Please remind me - කරුණාකර මට මතක් කරන්න.
  36. Let him go - ඔහුට යන්න දෙන්න. 
  37. Don’t be silly in the class - පංතිය ඇතුලේ මෝඩ වෙන්න එපා.
  38. Put everything in order - හැමදේම පිළිවෙලට තියන්න.
  39. Don’t come late to the office  - පරක්කුවෙලා කාර්යාලයට එන්න එපා.
  40. Talk politely - විනීතව කතාකරන්න.
  41. Follow me  - මාව අනුගමනය කරන්න.
  42. Come and have your meal - ඇවිත් අහාර ගන්න.
  43. Try to come on  time - වෙලාවට එන්න උත්සහ කරන්න.
  44. Never speak to me like that -කවදාවත් මට ඒ විදිහට කතා කරන්න එපා.
  45. you, come here - ඔයා මෙහෙට එන්න .
  46. Keep it up -  ඔහොම කරගෙන යන්න.
  47. Stop that - ඒක නවත්තන්න.
  48. Be silent - නිශ්ශබ්ද වෙන්න.
  49. Please write your names on your papers -කරුණාකර කොලයේ ඔබේ නම ලියන්න.
  50. Keep the your papers on the table - ඔබගේ paper  එක මේසය මත තබන්න.
  51. Don’t worry about it - ඒ ගැන වද වෙන්න එපා.
  52. Be happy - සතුටු වෙන්න.
  53. Please listen to me carefully - කරුණාකර සැලකිල්ලෙන් මට ඇහුන්කම් දෙන්න.
  54. Listen to the story - කතාව අහන්න.
  55. Show me your book - මට ඔයාගේ පොත පෙන්වන්න.
  56. Say it again - නැවත ඒක කියන්න .
  57. Stop writing -ලියන එක නවත්වන්න.
  58. Come and meet me after the class - පංතියෙන් පස්සේ ඇවිත් මාව මුණගැහෙන්න.
Hey guys ! you can ad additional things or if you see any mistake, you can correct it on this lesson as a comment - thank you!  https://futureworldenglish.blogspot.com යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

Friday, February 23, 2018

Simple present tense - සරල වර්තමාන කාලය lesson 01




 පුරැද්දක් වශයෙන් කරනු ලබන දෛනික ක්‍රියා සරල වරතමාන කාලයට (simple present tense) අයත්වේ

I go to school - මම පාසලට යනවා
I come to school - මම පාසලට එනවා
He goes to school everyday - ඔහු දිනපතා පාසල් යනවා

1 st person  (උක්තම පුරැෂ)   I, We  -  මම  අපි
2 nd person  (මධ්‍යම පුරැෂ)   You  -  නුඹ  නුඹලා
3 rd person  (ප්‍රථම පුරැෂ)   He, She, It   -  ඔහු  ඇය  උ

සරල වර්තමාන කාලයේදී (simple present tense) ප්‍රථම පුරැෂ ඒකවචන යෝදාගන වාක්‍ය තනන විට සෑම ක්‍රියා පදයකටම "es" හෝ  "s" එකතු කරනු ලැබේ
  1. He comes to school  - ඔහු පාසල් එයි
  2. He smokes - ඔහු දුම්පානය කරයි
  3. She wears a saree to school - ඇය පාසලට සාරියක් අදියි
Simple present tense වලින් ප්‍රශ්න තනන අන්දම මේ සදහා Do පදය හො ප්‍රශ්න වාචිපද (why, what වැනි පද) හො එම පද දෙකම වාක්‍යක මුලට ගැනීම සිදු කරයි

  1. What do you do on Mondays? -සදුදා දවස්වලට ඔබ මොනවද කරන්නෙ
  2. What do you have for lunch? - දවල් කෑමට ඔබ මොනවද ගන්නෙ
  3. What do you wear to school? - පාසලට ඔයා මොකක්ද අදින්නෙ
  4. Why do the Buddhist go to the temple on poya day? - ඇයි බෙෘද්ධයන් පෝය දින වලට පන්නස් යන්නෙ
  5. Why do the Muslims go to the mosque five times a day? - ඇයි මුස්ලිම් ජාතිකයන් දවසකට පස් වතාවක් පල්ලියට යන්නෙ
Answers(පිලිතුරැ)
  1. I go to the library on Mondays - මම සදුදා දවස් වල පුස්තකාලයට යම්
  2. I have rice and curry for my lunch - මම දවල් ආහාරය සදහා බත් සහ ව්‍යාංජන ගනිම්
  3. I wear shirt and trouser to school - මම පාසලට කමිසය සහ කලිසම අදිමි
  4. The Buddhists go to the temple to observer sil  on poya days - බොද්ධයො පන්සල වෙත යන්නේ සිල් සමාදන් වීමටයි
  5. The Muslims go to the Mosque five times a day to pray - මුස්ලිම් ජාතිකයන් දවසනට පස්වතාවක් පල්ලිය වෙත යන්නේ යා කිරීමටයි
ඉහත සදහන් වාක්‍ය වලින් දෛනික ක්‍රියාවන් ගැන සදහන් කර ඇත තවද Do  හා does යන ක්‍රියාවන් ගැන අපගේ අවධානය යොමු කරමු
Do :- මෙම වචනය යොදන්නේ වර්තමාන කාලයේදි පමනි (1st person 2nd person 3rd person)සදහා පමණී
  1. I do not smoke - මම දුම් නොබොමි
  2. We do not smoke - අපි දුම් නොබොමු
  3. They do not come on Sundays - ඔවුහු ඉරිදා දිනවල නොපැමිණෙති
 Questions (ප්‍රශ්න)
  1. Do you know him ? - ඔබ ඔහුව දන්නවද
  2. Do they take rice and curry for their lunch? - ඔවුන් දවල් කෑම සදහා ගන්නේ බත් සහ වයාංජනද
  3. What do you want to know about him? - ඔබට ඔහු  ගැන දැනගන්නට අවශ්‍ය කුමක්ද
  4. Why do you study English? - ඇයි ඔබ ඉංග්‍රිසි ඉගෙනගන්නෙ
 Does :- මෙම වචනය යෙදෙන්නේ වර්තමාන කාලයේ (Present Tense) ප්‍රථම පුරැෂ ඒක වචන (3rd person singular) He, She, It සමග පමණී

  1. He doesn't smoke - ඔහු දුම් පානය කරන්නෙ නැ
  2. He doesn't know me by my name -ඔහු මාව මගේ නමින් දන්නෙ නැ
 Questions
  1. Does he smoke? - ඔහු දුම් බොනවද
  2. Does it work with battery? - එය බැටරියෙන් වැඩ කරනවාද
  3. What does he do for his living? - ඔහු ජීවත් වීම සදහා කුමක්ද කරන්නෙ



ඉතින් යාළුවානේ මෙම රටාව සෑදී ඇති අකාරය තේරුම් ගනීමට දැන් උත්සහ කරන්න .



ඔබ සරල වරතමානයෙන් කතාකරන විට තවත් වැදගත් වන දෙයක් තමයි . කරන ක්‍රියාව පිලිබදව විස්තර කිරීම . එය සිදු කරන වාර ගණන ගැන පැවසීමට අවශ්‍ය වේ.



බලන්න යාලුවනේ සරල වර්තමාන කාලය  කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියල.  මම පහතින් දීල තියෙනවා ඔයලාට සරල වර්තමාන කාලය සදහා බොහෝ උදාහරණ . ඒවා හොදට අද්‍යනය කරන්න .

1. I teach English Daily. මම දිනපතා ඉංග්‍රීසි උගන්වනවා.
2. We go foot to school.  අපි පයින් ස්කෝලෙට යන්නේ.
3. You give good advices.  ඔය හොද අවවාද දෙනවා.
4. They cut firewood once a week. ඔව්න් සතියට වතාවක් දර කපනවා.
5. People talk about politics every time. මිනිසුන් නිතරම දේශපාලන ගැන කතා කරනවා.
6. Children study many subjects. ළමයින් ගොඩක් විෂයන් ඉගෙනගන්නවා.
7. He teaches English daily. ඔහු දිනපතා ඉංග්‍රීසි උගන්වනවා.
8. She goes to Temple on Poya days. ඇය පෝය දිනවලට පන්සල් යනවා.

නැත යන අර්ථය 

1. I do not teach English Daily. 
1. We do not go foot to school. 
2. You don’t give good advices. 
3. They don’t cut firewood once a week. 
4. People don’t talk about politics every time. 
5. Children don’t study many subjects. 
6. He doesn’t teach English daily. 
7. She doesn’t goes to Temple on Poya days. 

QUECTION.

• Do I teach English? මම ඉංග්‍රීසි උගන්වනවාද?
• Does she go to temple? ඇය පන්සල් යනවද?

MORE EXAMPLES
මෙම වාක්‍ය ටික ඔබ තනිවම අද්‍යනය කර බලන්න. ඕනෑම ප්‍රශ්නයක් අපෙන් විමසන්න.
1. We catch the car every day. 
2. It rains every afternoon. 
3. They drive to New York every summer. 
 5. Kusal jogs every day. 
6. Kusal never jogs. 
7. Does Kusal jog on Sundays?
 8. Raj works hard. 
9. Raj doesn’t work hard at all! 
10. Jim builds houses for a living. 
11. What does Jim do for a living? 
12. They play basketball every Sunday. 
13. At what time, do you usually eat dinner?


අපි මෙතෙක් ඉගෙන ගත් සරල වර්තමාන කාලය ගැන තවත් රසවත ආකාරයකට ඉගෙන ගන්න පහත වීඩියෝව නැරබීමට අමතක කරන්න එපා.



පහතින් දැක්වෙන්නේ සරල වර්තමාන කාලය යොදාගෙන සෑදු ලස්සන song එකක් . මම හිතනවා ඔබ එය ඇසීමට බොහොම කැමතිවෙයි කියාලා .
නරාබලාම ඉන්නකෝ.






යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි. 











Sunday, February 18, 2018

English Alphabet - ඉංග්‍රීසි හෝඩ්ය

English Alphabet - ඉංග්‍රීසි හෝඩ්ය






 English Alphabet - ඉංග්‍රීසි හෝඩ්ය
ඉංග්‍රීසි හෝඩියේ අකුරැ 26 ක් ඇත ඒවා කැපිටල් සිම්පල් ලෙස කොටස් දෙකකට වෙන්කර හදුනාගත හැක

 Capital Letters
A,B,C,D,E,F,G,H,I,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W,X,Y,Z
Simple Letters
a,b,c,d,e,f,g,h,i,j,k,l,m,n,o,p,q,r,s,t,u,v,w,x,y,z මෙම අකුරැ 26 නැවතත් ව්‍යංජන සහ ස්වර අකුරැ ලෙස කොටස් දෙකකට නැවතත් බෙදා වෙන් කල හැක
ව්‍යංජන - Consonants
B,C,D,F,G,H,J,K,L,M.N.P,Q,R,S,T,V,W,X,Y,Z
ස්වර අකුරැ -Vowels 

  • a - අ /ආ / ඇ/ ඈ/ එ/ ඒ/ඔ/ ඕ
  • e - එ/ ඒ /ඉ/ ඊ/ ඇ 
  • i - අ/ ඉ/ ඊ
  • o -ඔ/ ඕ/ අ/ උ
  • u -  අ / උ 
ස්වර අකුරැ හො එම අකුරැව ශබ්දය නැතිව කිසිදු ඉංග්‍රීසි වචනයක් ශබ්ද කල නොහැක. සෑම ඉංග්‍රීසි වචනයක්ම කොන්සොනන්ට් සහ වවල් අකුරැ එකතුවිමෙන් සෑදි ඇත. සෑම ඉංග්‍රීසි වචනයකම ස්වර අකුරැ එකක් හො වැඩි ගනනක් ඇත

උදාහරන ලෙස

  1. Cow
  2. Colt
  3. Lily
  4. Glory
  5. Ladder
Hey buddy ! you can ad additional things or if you see any mistake, you can correct it on this lesson as a comment.We would like to thank you for  participation. thank you. http://futureworldenglish.blogspot.com/අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

Saturday, February 17, 2018

The Engrisi Dictionary 2016 (Free Download English Sinhala Dictionary - ICTA Awarded)

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ පහක් පමණ දැනට භාවිතයට ගන්නා දෙදහස් දොළහ වර්ෂයේ ICTA - e-Swhabhimani සහ SLIC - Dasis සම්මන හිමි කරගත් English-Sinhala Language Translation & English Learning සඳහා පහසුකම් ‍රැසක් සපයන Engrisi Dictionary 2016 මෘදුකාංගය ඔබට මෙහිදී Free Downlaod කරගත හැක.

අලුත් Version එකේ අලුත් වැඩක් කියල Google Translator එක කෙලින්ම එකතු කරගන්න පුලුවන් උනා. මේ Feature එකටනම් ගොඩක් අය කැමති වෙයි කියල මම හිතනව. මොකද එය Subtitle Translator එකටත් වැඩ හින්ද ඔයාලට පුලුවන් English Film එකක් බලන්න සිංහල Subtitle නැතුව. English ඉගෙන ගන්න ආස අයටනම් ඒක ගොඩක් ලොකු දෙයක් වෙයි. ඒ වගේම Dictionary එකේ තියෙන වැඩ ටික ගොඩක් අය හරියට දන්නෙ නෑ.. ඒ නිසා මම හිතුව Tutorial Video එකක් කරන්න ඕනි කියල. ඔන්න ඉතින් යන්තම් එකත් ගොඩ දා ගත්ත. Video Size: 15Min, 60MB.



සෑම අවුරුද්දකම ජනවාරි 1 අලුත් Version එක ලබා දුන්නද මේ අවුරුද්දේ අධික වැඩ සහ කරදර මධ්‍යයේ පරක්කු වූවාට සමාවෙන්න කියල මෙය බාවිතා කරන අයගෙන් මම ඉල්ලා සිටිනව. මොකද සෑහෙන්න Comments තිබ්බ ඉක්මනට ලබා දෙන්න කියල. ඉතින් මගේ උපන් දිනේ දවසටවත් මේක රිලීස් කරන්න ඕනි කියල හිතා ගත්ත. ඔන්න ඉතින් මගේ උපන් දිනේ වෙනුවෙන් නාමල් යායට යන එන පාඨකයන්ට මගෙන් තිලිණයක් විදියට The Engrisi Dictionary 2016. නව අදහස්, යෝජනා, චෝදනා, Errors ආදිය Comment කරල යන්න ඕනි හොඳද. ඔබේ යාළුවන්ටත් මේකෙ ප්‍රයෝජන ගන්න ලබාදෙන්න කාරුණික වෙන්න. ඒ සඳහා පහල Share Button එක Click කරන්න. පහල Share To Download link එක Click කරල Free Download කරගන්න.

ඔබේ හොඳම යාළුවාටත් දැන ගන්න Share කරන්න
Future world English ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Future world English page එක Like කිරීමෙන් ඔබට පුලුවන්. ඒ සඳහා පහල Like Button එක Click කරන්න.

Simple commands -(සිම්පල් කමාන්ඩ්ස්) සරල විධාන - Lesson 02

commands are very easy to use. Begin the sentence with a verb and end with an object, a person or a thing. විධාන බාවිතා කිරීමට හ...