Friday, February 23, 2018

Simple present tense - සරල වර්තමාන කාලය lesson 01




 පුරැද්දක් වශයෙන් කරනු ලබන දෛනික ක්‍රියා සරල වරතමාන කාලයට (simple present tense) අයත්වේ

I go to school - මම පාසලට යනවා
I come to school - මම පාසලට එනවා
He goes to school everyday - ඔහු දිනපතා පාසල් යනවා

1 st person  (උක්තම පුරැෂ)   I, We  -  මම  අපි
2 nd person  (මධ්‍යම පුරැෂ)   You  -  නුඹ  නුඹලා
3 rd person  (ප්‍රථම පුරැෂ)   He, She, It   -  ඔහු  ඇය  උ

සරල වර්තමාන කාලයේදී (simple present tense) ප්‍රථම පුරැෂ ඒකවචන යෝදාගන වාක්‍ය තනන විට සෑම ක්‍රියා පදයකටම "es" හෝ  "s" එකතු කරනු ලැබේ
  1. He comes to school  - ඔහු පාසල් එයි
  2. He smokes - ඔහු දුම්පානය කරයි
  3. She wears a saree to school - ඇය පාසලට සාරියක් අදියි
Simple present tense වලින් ප්‍රශ්න තනන අන්දම මේ සදහා Do පදය හො ප්‍රශ්න වාචිපද (why, what වැනි පද) හො එම පද දෙකම වාක්‍යක මුලට ගැනීම සිදු කරයි

  1. What do you do on Mondays? -සදුදා දවස්වලට ඔබ මොනවද කරන්නෙ
  2. What do you have for lunch? - දවල් කෑමට ඔබ මොනවද ගන්නෙ
  3. What do you wear to school? - පාසලට ඔයා මොකක්ද අදින්නෙ
  4. Why do the Buddhist go to the temple on poya day? - ඇයි බෙෘද්ධයන් පෝය දින වලට පන්නස් යන්නෙ
  5. Why do the Muslims go to the mosque five times a day? - ඇයි මුස්ලිම් ජාතිකයන් දවසකට පස් වතාවක් පල්ලියට යන්නෙ
Answers(පිලිතුරැ)
  1. I go to the library on Mondays - මම සදුදා දවස් වල පුස්තකාලයට යම්
  2. I have rice and curry for my lunch - මම දවල් ආහාරය සදහා බත් සහ ව්‍යාංජන ගනිම්
  3. I wear shirt and trouser to school - මම පාසලට කමිසය සහ කලිසම අදිමි
  4. The Buddhists go to the temple to observer sil  on poya days - බොද්ධයො පන්සල වෙත යන්නේ සිල් සමාදන් වීමටයි
  5. The Muslims go to the Mosque five times a day to pray - මුස්ලිම් ජාතිකයන් දවසනට පස්වතාවක් පල්ලිය වෙත යන්නේ යා කිරීමටයි
ඉහත සදහන් වාක්‍ය වලින් දෛනික ක්‍රියාවන් ගැන සදහන් කර ඇත තවද Do  හා does යන ක්‍රියාවන් ගැන අපගේ අවධානය යොමු කරමු
Do :- මෙම වචනය යොදන්නේ වර්තමාන කාලයේදි පමනි (1st person 2nd person 3rd person)සදහා පමණී
  1. I do not smoke - මම දුම් නොබොමි
  2. We do not smoke - අපි දුම් නොබොමු
  3. They do not come on Sundays - ඔවුහු ඉරිදා දිනවල නොපැමිණෙති
 Questions (ප්‍රශ්න)
  1. Do you know him ? - ඔබ ඔහුව දන්නවද
  2. Do they take rice and curry for their lunch? - ඔවුන් දවල් කෑම සදහා ගන්නේ බත් සහ වයාංජනද
  3. What do you want to know about him? - ඔබට ඔහු  ගැන දැනගන්නට අවශ්‍ය කුමක්ද
  4. Why do you study English? - ඇයි ඔබ ඉංග්‍රිසි ඉගෙනගන්නෙ
 Does :- මෙම වචනය යෙදෙන්නේ වර්තමාන කාලයේ (Present Tense) ප්‍රථම පුරැෂ ඒක වචන (3rd person singular) He, She, It සමග පමණී

  1. He doesn't smoke - ඔහු දුම් පානය කරන්නෙ නැ
  2. He doesn't know me by my name -ඔහු මාව මගේ නමින් දන්නෙ නැ
 Questions
  1. Does he smoke? - ඔහු දුම් බොනවද
  2. Does it work with battery? - එය බැටරියෙන් වැඩ කරනවාද
  3. What does he do for his living? - ඔහු ජීවත් වීම සදහා කුමක්ද කරන්නෙ



ඉතින් යාළුවානේ මෙම රටාව සෑදී ඇති අකාරය තේරුම් ගනීමට දැන් උත්සහ කරන්න .



ඔබ සරල වරතමානයෙන් කතාකරන විට තවත් වැදගත් වන දෙයක් තමයි . කරන ක්‍රියාව පිලිබදව විස්තර කිරීම . එය සිදු කරන වාර ගණන ගැන පැවසීමට අවශ්‍ය වේ.



බලන්න යාලුවනේ සරල වර්තමාන කාලය  කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියල.  මම පහතින් දීල තියෙනවා ඔයලාට සරල වර්තමාන කාලය සදහා බොහෝ උදාහරණ . ඒවා හොදට අද්‍යනය කරන්න .

1. I teach English Daily. මම දිනපතා ඉංග්‍රීසි උගන්වනවා.
2. We go foot to school.  අපි පයින් ස්කෝලෙට යන්නේ.
3. You give good advices.  ඔය හොද අවවාද දෙනවා.
4. They cut firewood once a week. ඔව්න් සතියට වතාවක් දර කපනවා.
5. People talk about politics every time. මිනිසුන් නිතරම දේශපාලන ගැන කතා කරනවා.
6. Children study many subjects. ළමයින් ගොඩක් විෂයන් ඉගෙනගන්නවා.
7. He teaches English daily. ඔහු දිනපතා ඉංග්‍රීසි උගන්වනවා.
8. She goes to Temple on Poya days. ඇය පෝය දිනවලට පන්සල් යනවා.

නැත යන අර්ථය 

1. I do not teach English Daily. 
1. We do not go foot to school. 
2. You don’t give good advices. 
3. They don’t cut firewood once a week. 
4. People don’t talk about politics every time. 
5. Children don’t study many subjects. 
6. He doesn’t teach English daily. 
7. She doesn’t goes to Temple on Poya days. 

QUECTION.

• Do I teach English? මම ඉංග්‍රීසි උගන්වනවාද?
• Does she go to temple? ඇය පන්සල් යනවද?

MORE EXAMPLES
මෙම වාක්‍ය ටික ඔබ තනිවම අද්‍යනය කර බලන්න. ඕනෑම ප්‍රශ්නයක් අපෙන් විමසන්න.
1. We catch the car every day. 
2. It rains every afternoon. 
3. They drive to New York every summer. 
 5. Kusal jogs every day. 
6. Kusal never jogs. 
7. Does Kusal jog on Sundays?
 8. Raj works hard. 
9. Raj doesn’t work hard at all! 
10. Jim builds houses for a living. 
11. What does Jim do for a living? 
12. They play basketball every Sunday. 
13. At what time, do you usually eat dinner?


අපි මෙතෙක් ඉගෙන ගත් සරල වර්තමාන කාලය ගැන තවත් රසවත ආකාරයකට ඉගෙන ගන්න පහත වීඩියෝව නැරබීමට අමතක කරන්න එපා.



පහතින් දැක්වෙන්නේ සරල වර්තමාන කාලය යොදාගෙන සෑදු ලස්සන song එකක් . මම හිතනවා ඔබ එය ඇසීමට බොහොම කැමතිවෙයි කියාලා .
නරාබලාම ඉන්නකෝ.






යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි. 











No comments:

Post a Comment

Simple commands -(සිම්පල් කමාන්ඩ්ස්) සරල විධාන - Lesson 02

commands are very easy to use. Begin the sentence with a verb and end with an object, a person or a thing. විධාන බාවිතා කිරීමට හ...